සිඩ්නි හෙදියන් රඳවා ගන්න $ මිලියන 500 ක්

සිඩ්නි රෝහල්වල හෙදියන් එම රෝහල්වලම සේවයෙහි තබා ගැනීමට ඩොලර් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් සමයේදී පදනම යටතේ රජයේ රෝහල් සඳහා බඳවාගත් හෙදියන් පිරිසක් ස්ථිර සේවයෙහි අනුයුක්ත කිරීමට ඒ යටතේ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

පුද්ගලික රෝහල්වල හෙදියන් 1,000 කට වැටුප් වර්ධකයක් ලබාදීම සඳහාද මෙම මුදලින් කොටසක් යෙදවීමට නියමිතයි.

මේ හරහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට උද්ගතව පවතින උග්‍ර සෞඛ සේවක හිගය සැළකි යුතු මට්ටමකට අඩුවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

කෙසේවෙතත් මෙමගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවටයි නිවු සවුත් වේල්ස් විපක්ෂය චෝදනා කරන්නේ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »