බලශක්ති පිරිවැය පාලනය සඳහා සැපයුම්කරුවන් වෙනස්කරනු ලැබුවද ඔස්ටේ්‍රලියානුවන් මිලියනයකට අධික පිරිසක් තවදුරටත් ඩොලර් 1000 ඉක්මවා ගෙවීම් සිදුකර බව සොයාගෙන තිබෙනවා.
නිවාස හිමියන් හාර ලක්ෂ පනස්දහසක් පමණ නව සැපයුම් කරුවන් වෙත මාරු වී ඇති අතර වැඩිම පිරිස වන 90,000 කට වැඩි පිරිසක් වික්ටෝරියානුවන් බව සඳහන්.
ගෘහස්ථ විදුලි පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් 2019 වසරේදී සාධාරණ මිළක් යෝජනා යටතේ නියමනයක් ඇති කල ද එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි වු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බලශක්ති සැපයුම්කරුවන් මාරු කිරීම මගින් ඩොලර් 1000කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගත් පාරිභෝගිකයින් ද සිටින බව ද සොයාගෙන තිබෙනවා.
වාර්ෂික විදුලි පිරිවැයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී ඩොලර් 650 ක් ද / ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළදී ඩොලර් 635 ක් ද / දකුණු ඔස්ටේ්‍රලියාව තුළදී ඩොලර් 1,220 ක් ද නව සැපයුම්කරුවන් වෙත මාරු වීමෙන් ඉතිරි කර ගත හැකි බවටයි ගණන් බලා ඇත්තේ.
බලශක්ති පිරිවැය අවම මෙන්ම වැඩි වට්ටම් ලබා දෙන සැපයුම්කරුවන් සොයා ඉතා කෙටි කාලයක් තුල මාරුවීමට ද ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ සම්බන්ධ තොරතුරු රජයේ නිල වෙබ් අඩවිය වන energy.gov.au වෙත පිවිස ලබා ගැනිමට හැකිවන අතර බලශක්ති පිරිවැය පාලනය සදහා ගතහැකි ක්‍රම 101 ක් ඇතුලත් ලැයිස්තුවක් ද එහි අන්තර ගතයි.