ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස අඛණ්ඩව 5වන වරටත් පත් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස අඛණ්ඩව 5වන වරටත් පත් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards)  අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස  සම්මානයෙන් පිදුම් ලැබීය.  මෙවර ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් මොස්කව් හී දී  පැවැත්විණි. ශ්‍රීලංකන් ගුවන් සේවය  වන්වර්ල්ඩ්  ගෝලීය  ගුවන් සේවා  සන්ධානයේ සාඩම්බර සාමාජික  ගුවන් සේවයකි.
ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2016 වසරේ සිට මෙම සම්මානය දිනාගෙන ඇති අතර මේ වසරේදී ජාතික ගුවන් සේවය WTA හී දී ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානය දිනා ගත්තා පමණක් නොව, WTA හි ආසියා සම්මාන උළෙලේ දී  ‘ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරයට’ හිමි සම්මානය ද දිනා ගත්තේය.

මෙම සම්මානය සංකේතවත් කරන්නේ දකුණු ආසියානු කලාපයට සහ විශේෂයෙන් ඉන්දියාවට ගුවන් සේවා පහසුකම් සැපයීම සඳහා ගුවන් සේවයේ කැපවීමයි. විශේෂයෙන්ම ඉන්දියාවේ ගමනාන්ත 11 ක් ශ්‍රී ලංකාවට හා ඉන් ඔබ්බට සම්බන්ධ කිරීමට ගුවන් සේවය කටයුතු කරයි. ගුවන් සේවය මාලදිවයින , ඩකා, කරච්චි, ලාහෝර්  සහ දකුණු ආසියාවේ අනෙකුත් ජනප්‍රිය නගරවලට ද මෙහෙයුම්  ක්‍රියාත්මක කරයි.

මෙවර සම්මාන උළෙලේ දී අනෙක් සම්මානලාභීන් වූයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හිල්ටන් ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපල, Sandals Grenada, The Algarve පෘතුගාලය, හොලිඩේ ඉන් එක්ස්ප්‍රස්, ජේ. ඩබ්ලිව්. මැරියට්, හර්ට්ස් සහ නෝර්වීජියානු Cruise Line ය.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »