ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන පැමිණිලි නොතකා හැර ඇති බවට චෝදනා

ඔස්ටේ්‍රලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී සිසුන්ට සිදුවන හිංසනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පාලනාධිකාරින් නිසි පියවර අනුගමනය නොකරන බවට සිසුන් චෝදනා නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ චූදිතයන් ආරක්ෂා කිරීමේ අරමුණින් පාලනාධිකාරිය විසින් තම පැමිණිලි සුලූ කොට සලකන බවයි.

සෑම සතියක් තුලම මෙරට විශ්ව විද්‍යාල පරිශ්‍රයන් හිදී සිසුන් 275 ක් පමණ විවිධ හිංසනවලට ලක්වන බව නවතම වාර්තාවකින් හෙළිවුණා.

ලිංගික හිංසනයන්ට විරුද්ධව 2017 වසරේ සිට STOP ලෙස නම් කර ගත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා.

එම ව්‍යාපාරය මගින් සිදුකල සමීක්ෂණයක දී සොයාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල පරිශ්‍ර තුල මෙන්ම නේවාසිකාගාර වලදීත් සිසුන් ලිංගික හිංසනයනට ලක්ව ඇති බවයි.

ලිංගික හිංසනයන් හා සම්බන්ධ වින්දිතයින්ට එරෙහි ගන්නා ක්‍රියා මාර්ග සම්බන්දයෙන් නිසි ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කල යුතු බවයි ශිෂ්‍ය සංගම් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනා 2019 සිට ඉදිරිපත් වුවද මෙතෙක් ක්‍රියාත්මක වි නැහැ.

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »