ක්වීන්ස්ලන්ඩ් විදුලි උපකරණ සදහා $ 1,000 ක් දක්වා වන වට්ටමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බලශක්තිය ඉතිරි කරන විදුලි උපකරණ භාවිත කරන නිවාස ඒකක සදහා ඩොලර් 1000 ක් දක්වා වන වට්ටමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරි වසර තුළ නිවාස ඒකකයන්ගේ විදුලි බිල්පත් සැලකිය යුතු ලෙස පහත දැමීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

පැරණි විදුලි උපකරණ වෙනුවට බලශක්ති පිරිවැය අවම කෙරෙන විදුලි උපකරණ සදහා එමගින් වට්ටම හිමිවනු ඇති.

රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, වායු සමීකරණ, හීටර මෙන්ම වායු පොම්පද ඇතුලු පැරණි විදුලි උපකරණ තරු මට්ටමේ 4 හෝ ඊට ඉහළ උපකරණයක් වෙත මාරු කිරීමෙන් අදාල වට්ටම හිමිවනු ඇති.

පසුගිය 04 වනදායින් පසු ස්ථාපිත කරන ලද විදුලි උපකරණ සඳහා මෙම වට්ටම් ගෙවීම ආරම්භ කර තිබෙනවා.

විදුලි බිල්පත් අඩු කර ගැනීම් මෙන්ම කාබනික විමෝචන අවම කිරීමට අදාලව පිහිටුවා ඇති අරමුදල ඩොලර් මිලියන 44 දක්වා ඉහළ දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

එම මුදල් අවසන් වීමට පෙර අදාළ වට්ටම් ලබා ගන්නා ලෙස පාරිභෝගිකයින් වෙත දන්වා සිටිනවා.

එක් නිවාස ඒකකයක් සදහා එක් වට්ටමක් පමණක් හිමි වන අතර අයදුම් කර ඇති පිළිවෙල අනුව වට්ටම් ලබා දීමට නියමිතයි.

වට්ටම් ලබා ගැනීම සදහා වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති ක්වීන්ස්ලනඩ් පදිංචිකරුවන්ට අවස්ථාව පවතින අතර ව්‍යාපාරික ස්ථාන සඳහා මෙම වට්ටම් සදහා ඉල්ලූම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »