Search

ටස්මේනියා පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබාදෙන යෝජනාව පරදී

ටස්මේනියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබා දීමට අදාළ පනත් කෙටුම්පත පරාජය වී තිබෙනවා.

පසුගිය කොවිඩ් වසංගත කාලය තුල සති 05 ක් සඳහා මෙට්‍රෝ සේවා ඇතුලූ පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබා දීමෙන් ඩොලර් මිලියන 2.3 පාඩුවක් සිදුව ඇති බව සඳහන්.

මෙල්බන් හි නොමිලේ ට්‍රෑම් පොදු ප්‍රවාහන කලාපයක් පවතින අතර සිඩ්නි මෙන්ම බි්‍රස්බන් හි කලාප තුළ නොමිළයේ ෂටල් බස් සේවා ක්‍රියාත්මකයි.

ගාස්තු රහිත පොදු ප්‍රවාහන සේවා මගින් දැනට පවතින ජීවන වියදම හමුවේ අඩු ආදායම්ලාභීන් හට සහන ලැබෙන බව විචාරකයින් පවසනවා.

පෞද්ගලික වාහන භාවිතය ද එමගින් අවම වන අතර මාර්ග තදබදය ද පාලනය කර ගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් නොමිලේ මෙට්‍රෝ සේවා ලබා දීමට විරුද්ධ මත දරන්නන් පෙන්වා දෙන්නේ එමගින් අමතර පිරිවැයක් රජයට දැරීමට සිදුවන බවයි.

සිසුන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින්, හමුදා නිලධාරීන් සහ අඩු ආදායම් ලාභීන් සදහා ඉදිරියේදී නොමිලේ මෙට්‍රෝ සේවා ක්‍රියාතමක කරන බවටද ටස්මේනියා ප්‍රාන්ත රජය දන්වා තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »