Search

ජනගහණයේ වැඩිම ඉහළයාම වික්ටෝරියා ප්‍රාන්තයෙන්

වසරක කාලයක් තුළදී ජනගහණයේ වැඩිම ඉහළයාම සටහන් වූ ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වී තිබෙනවා.

ප්‍රාන්තයට පැමිණි පිරිස – ප්‍රාන්තයෙන් පිටත්ව ගිය පිරිස – දළ උපත් සහ මරණ සංඛ්‍යා සැළකිල්ලට ගෙන පසුගිය මාර්තු 31 වනදා දක්වා වකවානුවට අදාළව සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල දත්තවලයි ඒ බව දැක්වෙන්නේ.

දෙවන ස්ථානයට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයත් 03 වන ස්ථානයට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයත් පත්වී තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රතිශතයක් ලෙස ජනගහණයේ වැඩිම ඉහළයාම සටන්වූ ප්‍රාන්තය වන්නේ බටහිර ඔස්ට්‍රේලියාව යි.

අදාළ මාස 12 තුළදී මෙරටට සංක්‍රමණය වී ඇති සංඛ්‍යාව 681,000 ක් වන අතර එය පෙර වසරට වඩා දෙගුණයක පමණ වැඩිවීමක් ද වනවා.

දැනට මෙරට උපත් අනුපාතිනය සියයට 3.4 ක් ලෙසද මරණ අනුපාතිකය සියයට 7.9 ක් ලෙසද සටහන්ව පවතිනවා.

භූමි ප්‍රමාණයෙන් ලොව 06 වන විශාලතම රාජ්‍යය ඔස්ට්‍රේලියාව වුවද ජනගහණය අනුව එය පසුවන්නේ 55 වන ස්ථානයේයි.

එමෙන්ම ජන ඝණත්වය එනම් වර්ග කිලෝමීටරයකට සිටින පුද්ගලයන් සංඛ්‍යාව සළකා බැලීමේදී ඊට හිමිවන්නේ අවසාන ස්ථානයේ සිට 04 වන තැනයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »