NSW උද්‍යාන ආශ්‍රිත පැතිර යන බැක්ටීරියා ආසාධනයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උද්‍යාන ආශ්‍රිත පැතිර යන බැක්ටීරියා ආසාධනයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

Legionnaires ලෙස නම් කර ඇති මෙම බැක්ටීරියා විශේෂය වගාවට අවශ්‍ය පස සකස් කිරීමට යොදා ගන්නා පොහොර සමග ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

බදුන් සැකසීමේ දී නිසි පරිදි මුඛ ආවරණ සහ අත් වැසුම් භාවිත කරන ලෙසට ද උද්‍යානකරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වසරේදී රෝගීන් 54 දෙනෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හදුනාගෙන ඇති අතර 2022 වසරේ දී පමණක් හදුනා ගත් රෝගීන් ගණන 132ක්.

විශේෂයෙන්ම පොහොර පැකට්ටු විවෘත කිරීමේදී පිටවන වාතය ආග්‍රහනය කිරීමෙන් පෙණහලු ආශ්‍රිත ශ්වසන ආබාධ ඇතිවන බවයි වාර්තා වන්නේ.

නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළද බැක්ටිරියා රැදී සිටිමට හැකි බැවින් ආහාර අනුභවයට පෙර නිසි පරිදි සබන් යොදා දෑත් පිරිසිදු කර ගන්නා ලෙසටද වැඩි දුරයත් උපදෙස් ලබා දී තිබෙනවා.

උණ, සෙම් ප්‍රතිශ්‍යාව, මාංශ පේෂී වේදනාව සහ හිසරදය බැක්ටිරියා ආසාධනයේ මූළික ලක්ෂණ වන අතර බැක්ටිරියාවට නිරාවරණය වී දින 10කට පසු මෙම රෝග ලක්ෂණ මතුවිය හැකියි.

මෙම බැක්ටීරියා ආසාධනය මාරාන්තික නොවන අතර දුර්වල ප්‍රතිශක්තිකරන පද්ධතියක් සහිත පුද්ගලයින් හා ශ්වසන ආබාධ සහිත පුද්ගලයින්ට මාරාන්තික විය හැකියි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »