වාතයේ ගුණාත්මක තත්වය ශ්‍රේණිගත කිරිමට අදාළව ඊයේ නිකුත් කල නවතම වාර්තා අනුව ලොව අයහපත්ම වායු තත්වය සහිත නගර 05 අතරට සිඩ්නි නගරය ද නම් කර තිබෙනවා.
ග්‍රීෂ්ම සෘතුව එළැඹීමට පෙර ලැව්ගිනි උවදුර අවම කිරීමේ අරමුනින් පසුගිය සතියේ සිට ඇතැම් ප්‍රදේශ වල සැළසුම් සහගත ගිණි තැබීම් සිදුකිරීමට ආපදා මෙහෙයුම් ක්‍රියාත්මකවීම මීට හේතුවයි.
එළඹෙන ඉරිදා දින සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත මැරතන් තරගාවලියට පෙර ප්‍රාන්තය පුරා පැතිර යන අයහපත් වායු තත්ව පාලනය කිරීමට බලධාරීන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මැරතන් තරගාවලිය සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති පිරිස 42,000 ක්.
නිවාස දොර ජනෙල් වසා තබා සීමිත කාලයක් පමණක් එළිමහනේ රැදී සිටින ලෙසයි සිඩ්නි වැසියන්ට මේ දිව වල උපදෙස් ලබා දී ඇත්තේ.
මැරතන් තරගාවලිය මිල්සන්ස් පොයින්ට් සිට සිඩ්නි ඔපෙරා හවුස් දක්වා මාර්ගය තුල ධාවනය වීමට නියමිතයි.
කෙසේ වෙතත් ආපදා අංශ සදහන් කර ඇත්තේ ප්‍රධාන පිළිස්සුම් මේ වන විට අවසන් වෙමින් පවතින අතර මැරතන් තරගයට පෙර තත්වය සමනය කිරීමට පියවර ගන්නා බවයි.