ආසියානු කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වේලාවේන් පස්වරු 3.00ට හෙවත් මෙල්බන් වේලාවෙන් පස්වරු 07.30 ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.

යම් හෙයකින් අද තරගය ළකුණු සම වුවහොත් හෝ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් මහ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනවා.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් අද තරගය අත්හැර දැමුවහොත් ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසිය හැකියි.

ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පකිස්තානයට වඩා ඉහල අගයක පැවතීම හේතුවෙන්.

අවසන් මහ තරගය ලබන 17 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »