ලේබර් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ නිවාස පණත සම්මතයි

පාලක ලේබර් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ නිවාස අරමුදල් පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

වසර 05 ක් තුළදී නිවාස 30,000 ක් ඉදිකර අවසන් කිරීම මේ යටතේ සිදුවනු ඇති.

මේ සඳහා රජය විසින් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 10 ක්.

ග්‍රීන්ස් පක්ෂය සමග ඇතිකරගත් එකගතාවයක් අනුව මෙම පණත් කෙටුම්පත සම්මත කරගෙන තිබෙනවා.

කිසියම් අයුරකින් එය පරාජයට ලක්වූයේ නම් නැවතත් හදිසි ෆෙඩරල් මැතිවරණයකට යාමේ අවධානමක් ද පැවතුණා.

අසීමිත ලෙස සංක්‍රමණිකයන් රටට පැමිණිමත් ඔවුන්ට ප්‍රමාණවත් පරිදි වාසස්ථාන පහසුකම් ලබාදීමන නොහැකිවීමත් හමුවේ ඔස්ටේ්‍රලියාව මේ වනවිට දැඩි නිවාස අර්බුදයකට පත්ව සිටිනවා.

නිවාස කුළී අසීමිත ලෙස ඉහළයාමට හේතුවද එය වන අතර මෙම නිවාස පණත සම්මතවී නිවාස ඉදිකිරීම ආරම්භවීමත් සමග එම තත්වය පහව යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »