වික්ටෝරියාහි  මුඛ ආවරණ  නීති රීති තවදුරටත් ලිහිල් කිරීමට පියවර!

වික්ටෝරියාහි  මුඛ ආවරණ  නීති රීති තවදුරටත් ලිහිල් කිරීමට පියවර!

නව කොරෝනා වයිරස් ආසාදන නොමැතිව දින 36 ක්  වාර්තා වීමෙන් පසු වික්ටෝරියා හි  නීති රීති ලිහිල් කරනු ඇත. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පවසා ඇත්තේ එළබෙන ඉරිදා සිට රජය “COVID සාමාන්‍ය” මට්ටමේ සීමාවන් කරා ගමන් කිරීම ආරක්ෂිත බවයි.

රජයේ මුල් කොරෝනා මාර්ග සිතියම යටතේ, “COVID normal” යන්නෙන් අදහස් කරන්නේ ප්‍රජා ක්‍රීඩා, ආගන්තුක සත්කාරක ස්ථාන, රැස්වීම් සහ නිවසට පැමිණෙන අමුත්තන්ට ඇති සීමාවන් අවසන් වීමයි. මහාචාර්ය Sutton පැවසුවේ වික්ටෝරියා අග්‍රාමාත්‍යවරයාගේ ඉරිදා දින  ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර බලධාරීන් තවමත් තොරතුරු අධ්‍යනය  කරමින් සිටින නමුත් මුඛ ආවරණ  පිළිබඳ ස්ථිර උපදෙස්, ගෘහස්ථ සැකසුම් වල පැළඳිය යුතු බවට ඇති නීති වෙනස් වන බවයි.

“නමුත් මුඛ ආවරණ  පැළඳීම සඳහා වන නිර්දේශය ඕස්ට්‍රේලියාව පුරා තවමත් පවතී. එය ඕස්ට්‍රේලියාවේ සිටින අප සැමට එක්තරා ආකාරයක රක්ෂණයක්. ” ලෙස ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. රජයේ නවීකරණය කරන ලද හෝටල් නිරෝධායන වැඩසටහන නැවත ආරම්භ වන විට සඳුදා දින  කොළඹ, දෝහා, හොංකොං සහ සිංගප්පූරුව වෙතින් ජාත්‍යන්තර ගුවන් ගමන් පහක් මෙල්බර්න් ගුවන් තොටුපළට ගොඩබසිනු ඇත.

එලෙසම අනිවාර්ය දින 14 සඳහා වූ  නිරෝධායනය සඳහා ගාස්තු  අය කිරීම පිලිබඳ  නීති සම්පාදනය කරන බව රජය සිකුරාදා නිවේදනය කළේය. ඒ අනුව වැඩිහිටියෙකු සඳහා ඩොලර් 3000 ක්ද , කාමරයක අතිරේක වැඩිහිටියෙකු සඳහා ඩොලර් 1000 ක්ද  සහ වයස අවුරුදු 3 ත් 18 ත් අතර ළමුන් සඳහා ඩොලර් 500 බැගින්ද  ගාස්තු නියම කෙරේ. අවුරුදු තුනට අඩු ළමයින් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

(7News)

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »