නීති විරෝධීව විදේශීය හමුදා පුහුණු කරන ඔස්ට්‍රේලියා විශ්‍රාමික ආරක්ෂක සාමාජිකයන්ට දැඩි නීති

අනවසර අන්දමින් විදේශීය හමුදාවන් සඳහා පුහුණුව ලබාදෙන ඔස්ට්‍රේලියානු විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව දැඩි නීති පණවා තිබෙනවා.

ඒ අනුව එවැනි චෝදනාවකට වරදකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට 20 වසරක උපරිම සිර දඩුවමක් නියමවන පරිදි නව නීතියක් අද ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ජාතික ආරක්ෂාවට හානියක් නොවීම සඳහා පවතින නීති ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සඳහන් කලේ.

චීන ගුවන් හමුදා සාමාජිකයන් පුහුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ගුවන් නියමුවන් යොදාගන්නා බවට වාර්තා පළවීමත් සමගයි ෆෙඩරල් රජය විසින් මෙම දැඩි තීරණය ගෙන ඇත්තේ.

මෙම නීතිය සම්මත වුවහොත්, මෙරට හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන්ට විදේශීය හමුදා හෝ රාජ්‍යයන් වෙත සේවය කිරීමට අවශ්‍ය නම් ආරක්ෂක ඇමතිවරයාගේ පූරව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වනු ඇති.

එහිදී ඔවුන් විශ්‍රාම යනවිට පැවති නිලයන් – ශ්‍රේණි – සුදුසුකම් ඇතුලු නිර්ණායක රැසක් සළකා බලා අවසර දීම හෝ නොදීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය – අමෙරිකාව සහ කැනඩාව තුළ ආරක්ෂක රැකියාවල සේවය කිරීමට එම අනුමැතිය අවශ්‍ය වන්නේ නැහැ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »