මෙල්බන් CBD අපරාධ සහ විෂමාචාර ක්‍රියා 25% කින් ඉහළට

MELBOURNE CBD POLICE

මෙල්බන් CBD හෙවත් මෙල්බන් නාගරික කලාපයේ අපරාධ සහ නොයෙකුත් විෂමාචාර ක්‍රියා පසුගිය වසරට සාපේක්ෂව සියයට 25 කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසර 10 හා සැසඳීමේදී පහරදීම් සියයට 23 කින් / මංකොල්ල කෑම් සියයට 70 කින් සහ පොලිස් අණ නොතැකීම් සියයට 33 කින් වැඩිවී ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.

කොවිඩ් වසංගත සමයේදී මෙම සංඛ්‍යාලේඛනවල පහළයාමක් වාර්තා වී තිබුණා.

පසුගිය සිකුරාදා රාත්‍රියේදී බෝක් වීථියේ සිදුවූ මාරක රිය අනතුරත් සමග මෙල්බන් හි පොලිස් ආරක්ෂාව ඉහළ දැමීමටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පියවර ගත්තේ.

වෙළඳ සැල් හිමියන් සහ දෛනික අවශ්‍යතා සඳහා මෙල්බන් නාගරික කලාපයට පැමිණෙන විශාල පිරිසක් ඊට සහය පළකර තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »