ස්ත්‍රී දූෂකයන්ගේ නම් මාධ්‍ය ඔස්සේ හෙළි කිරීමට ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තු අනුමැතිය

ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධ චූදිතයන්ගේ අනන්‍යතාවය මාධ්‍ය ඔස්සේ හෙළි කිරීමට අදාළ නීති ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.

ලබන මස 03 වනදා සිට මෙම නීති බලාත්මක වන අතර මෙතෙක් අවසර පැවතුණේ අදාළ චූදිතයන් නඩු විභාගයකට පෙනී සිටීමෙන් පසු නම් ගම් හෙළිකිරීමටයි.

ඊයේ දින සම්මත වූ නව නීතියත් සමග වෙනත් වැරදි සඳහා චෝදනා එල්ලවූවන් හා සමාන අයුරින් ස්ත්‍රී දූෂකයන්ගේ නම්ද මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කල හැකියි.

කෙසේවතත් කිසියම් චූදිතයෙකුගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළහොත් එය අනුගමනය කිරීමටද මාධ්‍ය ආයතනවලට සිදුවනවා.

මේ අනුව Northern Territory හැර අනෙකුත් ප්‍රාන්තවල ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධ චූදිතයන්ගේ අනන්‍යතාවය හෙළිකල හැකි අයුරින් බලාත්මක නීති සහ ක්වීන්ස්ලන්ඩ් හි නීති සමපාත වනු ඇති.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »