
ඔස්ට්‍රේලියාව තුළ සිදුවු ස්වභාවික ආපදාවන්ගෙන් රටේ ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධව නවතම වාර්තාවක් එළිදක්වා තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වාර්තා ගත වු වැඩිම හානියක් සහිත ස්වභාවික ආපදා සිදුවීම් 10 අතරට 1999 සිඩ්නි සහ 1967 සහ 1974 වසර වල ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ සුලි කුණාටු තත්වයන් ද වන බවයි වාර්තා වන්නේ.
1999 නැගෙනහිර සිඩ්නි කුණාටුවෙන් සිදුව ඇති හානිය ඩොලර් බිලියන 8.85 ක්.

1967 ඩිනා සුළි කුණාටුවෙන් සිදුවු හානිය ඩොලර් බිලියන 6.19 ක් වන අතර 1974 වැන්ඩා සුළි කුණාටුවෙන් සිදුවු පාඩුව ඩොලර් බිලියන 5.26 ක් ලෙස තක්සේරුකර තිබෙනවා.
මීට අමතරව 2019 සහ 2020 වසර වල සිදුවු ලැව්ගිනි හේතුවෙන් සිදුව ඇති හානිය ඩොලර් බිලියන 2.3 ක්.

ඉදිරියේ දී ස්වභාවික ආපදා තත්ව පාලනය සදහා නිසි සැලසුම් ක්‍රියාත්මක කල යුතු බවයි විචාරකයින් පවසන්නේ.
එවැනි ආපදා තත්ව වර්ථමානයේ සිදු වන්නේ නම් පුද්ගල හා දේපල හානි රක්ෂණ ලබා දීම සදහා ඉහළ පිරිවැයක් වැය වනු ඇති බව ද වාර්තා වනවා.
පසුගිය මාස 12ක කාලය තුළ සුළි කුණාටු සහ ගංවතුර අවදානම වැඩි වීම හේතුවෙන් රක්ෂණ වාරික ද සියයට 30 කින් ඉහළ ගොස් තිබෙනවා.
Ten biggest insurance catastrophes
1 | Eastern Sydney hail storm, NSW | $8.85 billion | 1999 | $1.7 billion |
---|---|---|---|---|
2 | Cyclone Tracy, NT | $7.40 billion | 1974 | $200 million |
3 | Newcastle CBD earthquake, NSW | $6.54 billion | 1989 | $862 million |
4 | Cyclone Dinah, QLD | $6.19 billion | 1967 | $33.5 million |
5 | SE QLD and NSW floods, QLD and NSW | $6 billion | 2022 | $6 billion |
6 | Cyclone Wanda, QLD | $5.26 billion | 1974 | $68 million |
7 | Black Tuesday bushfires, TAS | $4.10 billion | 1967 | $40 million |
8 | Brisbane hailstorm, QLD | $3.75 billion | 1985 | $180 million |
9 | NSW East Coast Low, NSW | $3.39 billion | 2007 | $1.48 billion |
10 | Cyclone Elaine, QLD | $2.74 billion | 1967 | $12 million |