උත්සව සමයට ඇමසන් වෙතින් ඔස්ට්‍රේලියාව තුළ රැකියා 1,000 ක්

අන්තර්ජාල භාණ්ඩ බෙදා හැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන ඇමසන් ආයතනය එළඹෙන උත්සව සමය මුලකරගනිමින් ඔස්ට්‍රේලියාව තුළ නව බඳවා ගැනීම් 1000 ක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

උත්සව සමය තුළ අවහිරයකින් තොරව සැපයුම් මධ්‍යස්ථානවල බෙදා හැරීම් කාර්යක්ෂම කිරිම මෙහි අරමුණයි.

ඒ අනුව සිඩ්නි, මෙල්බන්, පර්ත්, බ්‍රිස්බන්, ඇඩිලේඩ්, නිව්කාසල් සහ ගෝල්ඩ් කෝස්ට් නගරවල වෙසෙන පුද්ගලයින්ට මෙම නව රැකියා අවස්ථා සඳහා අයදුම්පත් මේ දිනවල යොමු කල හැකියි.

ඇමසන් ආයතනය සඳහන් කළේ ග්‍රීෂ්ම සෘතු නිවාඩුවේදී කාර්යක්ෂමව සේවය කල හැකි පාසල් සිසුන්ට මෙන්ම විශ්‍රාමිකයින්ට ද මේ සදහා ඉල්ලූම් කිරීමට අවස්ථාව හිමි වන බවයි.

එමගින් පුද්ගලයින් සදහා අමතර ආදායමක් ඉපයීමට හැකිවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ වන විට ඇමසන් ඕස්ට්‍රේලියාහි සේවය කරන පිරිස 7000 ඉක්මවා ඇති අතර පසුගිය වසර තුළ දී පමණක් රියදුරන් 2000ක් පමණ අලුතින් බඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »