ඔන්ලයින් සූදු ක්‍රීඩාවල දී ක්‍රෙඩිට් කාඩ් තහනම් කිරිමට අදාළ නීති පාර්ලිමේන්තුවට

ඔන්ලයින් සූදු ක්‍රීඩාවල නිරතවීමේ දී ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය තහනම් කිරිමට අදාළ නීති ෆෙඩරල් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම නීති බලාත්මක කිරිමෙන් පසු කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 234,750 කට අධික දඩ මුදල් පැණවීමටයි නියමිතව ඇත්තේ.

ඔන්ලයින් සුදු ක්‍රීඩාවල නියුතු ආයතන වෙත අදාළ ගෙවුම් ක්‍රමවේද ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන් තොරව සිදුකිරීමට අදාළ වෙනස්කම් කිරීම සදහා මාස 06 ක කාලයක් ලබා දී තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ් මගින් අනාගතයේ දී වර්ධනය විය හැකි ණය බර පාලනය කිරීම මෙහි අරමුණ බවයි ෆෙඩරල් රජය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඔන්ලයින් සූදු ක්‍රිඩා හේතුවෙන් ඇතිව ඇති අවධානම් සම්බන්ධ දැනගැනීමට 1800 858 858 දුරකතන අංකය ඔස්සේ ජාතික සූදු උපකාරක සේවය ඇමතීමට හැකියාව පවතිනවා.

එමගින් පුද්ගල අනන්‍යතාව ආරක්ෂා වන අතර එහි අනිසි බලපෑම් සම්බන්ධ පැය 24 තුළම නොමිලේ උපදේශන සේවා ලබා දීමටද කටයුතු සම්පාදනය කර තිබෙනවා.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »