වසර 12 කට පසු දුම්කොළ පාලන දැඩිම නීති ෆෙඩරල් පාර්ලිමෙන්තුවට

දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන වලට ඇබ්බැහිවීම පාලනය සඳහා වන නව නීති ෆෙඩරල් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

වසර 12 කට පසු හදුන්වාදෙන දැඩිම නීති ප්‍රතිසංස්කරණය මෙය ලෙසටයි සැලකෙන්නේ.

නව දුම්කොළ නීති යටතේ දුම්වැටි අසුරණවල ප්‍රමාණය සඳහා සම්මතයන් පැණවීම මෙන්ම දුම්වැටි හෝ e-දුම්වැටි නිශ්පාදනයේදී අහිතකර මෙතනෝල් වැනි රසායනික වර්ග ඇතුළත් කිරීම ද තහනම් වනු ඇති.

දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන හේතුවෙන් දිනකට ඔස්ට්‍රේලියානුවන් 50 කට අධික පිරිසක් මිය යන අතර දුම්වැටි භාවිතයේ සෘජු බලපෑම හේතුවෙන් වසරකට අහිමි වන ජීවිත ගණන 20,000කට අධිකයි.

2025 වසර වන විට මෙම තත්වය සියයට 10 දක්වාත් 2030 වනවිට සියයට 05 දක්වාත් අවම කිරිම නව නීති බලාත්මක කිරීමේ අරමුණ වී තිබෙනවා.

2030 වන විට ස්වදේශිය ඔස්ට්‍රේලියානුවන් අතර දුම්වැටි භාවිතය සියයට 27 දක්වා පහළ දැමීම ද අපේක්ෂිතයි.

දුම්කොළ පාලනය සම්බන්ධව දැඩි ව්‍යවස්ථාපිත පියවර අනුගමනය කරමින් ලොව ප්‍රමුඛ රාජ්‍ය බවට ඔස්ටේ‍රලියාව පත්කිරීම අරමුණ බවයි ෆෙඩරල් රජය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »