ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Audi මෝටර් රථ 7,700 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරන ලද Audi (අවුඩි) වර්ගයේ මෝටර් රථ 7,700 ක් පමණ මෝටර් රථ අභ්‍යන්තර දෝෂ හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ 2019 සහ 2023 වසර අතර නිශ්පාදිත A3 සහ Q2 මාදිලිවල මෝටර් රථයි.

මෝටර් රථයේ අභ්‍යන්තර විදූ්‍යත් පරිපථවල පවතින දෝෂ මේ සඳහා බලපා තිබෙනවා.

එබැවින් මෝටර් රථ ධාවනයේ දී රියදුරන් හට නිසි සංඥා නොලැබෙන අතර මේ හේතුවෙන් බරපතල රිය අනතුරු පවා සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.

බලපෑමට ලක් වූ හිමිකරුවන් සම්බන්ධව Audi ආයතනය නිසි පියවර ගැනීමට නියමිත අතර සියලූ කටයුතු නොමිලේම අදාළ පාරිභොගිකයින් වෙත ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ මෝටර් රථ මිලදී ගත් පාරිභෝගිකයන් හට 1800 502 834 දුරකතන අංකය හෝ [email protected]. විද්‍යුත් ලිපිනය ඔස්සේ Audi ඔස්ට්‍රේලියා ආයතනය හා සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »