වයස අවුරුදු 03 හි පසුවන child care සඳහා දරුවන් යොමුකර ඇති දෙමව්පියන්ට එක් වරක් පමණක් ලබාදෙන ඩොලර් 500 ක වවුචරයක් පිරිනැමීමට නිවු සවුත් වේල්ස් ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා.
දරුවන් 64,000 කගේ පමණ දෙමව්පියන්ට මෙමගින් වරප්රසාදයක් අත්වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
මේ සඳහා නිවු සවුත් වේල්ස් ප්රාන්ත රජය විසින් වැය කරන මුදල ඩොලර් මිලියන 64 ක්.
මීට අමතරව child care පහසුකම් වැඩි දියුණු කිරීම සහ අලුතින් සේවකයන් බඳවා ගැනීම ඇතුලු කරුණු කිහිපයක් වෙනුවෙන් තවත් අමතර ඩොලර් මිලියන 36 ක මුදලක් වෙන් කිරීමටද නියමිතයි.
මෙම වැඩසටහන වසර 05 ක් පුරා ක්රියාත්මක කිරීම සඳහායි ප්රාන්ත අයවැයට ඇතුළත් කර ඇති යෝජනාවක සඳහන් වන්නේ.