කොවිඩ් සමයේ ක්වන්ටාස් සේවකයන් 1,700 ක් ඉවත් කිරීම නීති විරෝධී බවට තවත් තීන්දුවක්

කොවිඩ් වසංගත සමයේදී සේවකයන් 1,700 ක් ඉවත් කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය ගනු ලැබූ තීරණය මුලුමණින්ම නීති විරෝධී බවට මහාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ෆෙඩරල් අධිකරණයක් විසින් මීට පෙර ලබාදී තිබූ තීන්දු 02 ක් නැවතත් තහවුරු කෙරෙනු ඇති.

ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ 10 ක ගමන් මලු හසුරුවන්නන් – පිරිසිදු කරන්නන් සහ භූමි මෙහෙයුම් වල නිරත සේවකයන් ඉවත් කිරීමට ක්වන්ටාස් විසින් ගනු ලැබූ තීරණය පණතට පටහැණි බවටයි අධිකරණ විසින් නියම කර ඇත්තේ.

කොවිඩ් සමයේ ගුවන් ගමන් අවලංගු කිරීමත් සමග ආදායම් තත්වය පහළයාම මෙම සේවක කප්පාදුවට හේතුවූ බවටයි ක්වන්ටාස් ගුවන් සේවය අධිකරණයේදී පෙන්වා දී තිබුණේ.

එහෙත් මේ වනවිට ඔවුන් ඩොලර් බිලියන ගණනක ලාබ උපයා ඇති බවට අධිකරණය හමුවේ අනාවරණය වුණා.

මෙම අධිකරණ තීන්දුවත් සමග 2020 වසරේදී තනතුරුවලින් ඉවත් කෙරුණු ක්වන්ටාස් සේවකන්ට ඉහළ වන්දි මුදලක් ලබාගැනීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »