ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවාර 49යි 1 පන්දුවක් තුළ ඉන්දීය පිතිකරුවන් සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 213කි.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214කි.