ආක්‍රමණශීලී විෂ සහිත කුහුඹු විශේෂයක් ගැන වික්ටෝරියානුවන්ට අනතුරු ඇගවීමක්

ආක්‍රමණශීලී විෂ සහිත Fire Ant නම් කුහුඹුවන් විශේෂයක් සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා‍‍.

මෙම සතිය ආරම්භයේ ඉතාලියෙන් පළමුවරට එම කුහැමුවන් හමුවීමත් සමගයි මෙම තත්වය උද්ගතවී ඇත්තේ.

ලොව වෙසෙන භයානක කුහුඹු විශේෂයක් වන මෙම කුහුඹුවන් කුඩා මෙන්ම තඹ පැහැයෙන් යුත් අතර දශ්ඨ කිරීමෙන් චර්ම ආසාධන ඇතිව ජීවිත තර්ජනද සිදුවාය හැකි බව සඳහන්.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් සිට මෙල්බන් දක්වා ප්‍රවාහනය කළ භාණඩ සමග මෙම විෂ කුහුඹු විශේෂය පසුගිය පෙබරවාරි මාසයේදී සොයාගෙන තිබුනා.

ගිනි කුහුඹුවන් හේතුවෙන් ඕස්ට්‍රේලියා ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 02 ක පමණ මුදලක් අහිමිවන බවටයි ගණන් බලා ඇත්තේ.

ගිනි කුහුඹුවන් මගින් ඇතිවන ආසාධන හමුවේ වසරකට 140,000 ක් පමණ රෝහල්ගත වන බවටද වාර්තා වනවා.

මෙවැනි සත්ව ආක්‍රමණ පාලනය සදහා වික්ටෝරියා ප්‍රාන්තයේ වෙන්කර ඇති අරමුදලෙහි ඩොලර් මිලියන 49 හිගයක් පවතින බවද වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාව තුළ ගිනි කුහුඹුවන් මර්ධනය සදහා 2001 වසරේ සිට කටයුතු කර තිබුණා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »