Search

අඩු ආදායම්ලාභී ඕස්ට්‍රේලියානුවන්ගෙන් අය කරන වියදම්, ධනවත් පුද්ගලයින්ට සාපේක්ෂව ඉහළ අගයක

ජීවන වියදම හමුවේ පීඩා විඳින අඩු ආදායම්ලාභී ඕස්ට්‍රේලියානුවන්ගෙන් අයකෙරෙනු ලබන වියදම්, ධනවත් පුද්ගලයින්ට සාපේක්ෂව ඉහළ අගයක පවතින බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම තත්වය සදහා මූලිකවම බලපා ඇත්තේ තොග වශයෙන් සුපිරි වෙළෙදසැල් මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන් හට හැකියාව නොමැති කමයි.

මේ අතර අඩු ආදායම් ලාභීන්ට ප්‍රවාහනය, බලශක්තිය සහ ණය සදහා විශාල මුදලක් ගෙවීමට සිදුවන බවද සොයාගෙන තිබෙනවා.

භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී හඳුන්වා දී ඇති දරිද්‍රතා රක්ෂණ වාරිකය අඩු ආදායම්ලාභීන්ට අමතර වැය බරක් බවයි සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

එමගින් ඉන්ධන සඳහා සියයට 10 ක් ද, ණය සඳහා සියයට 45 ක් ද, සිල්ලර බඩු සඳහා සියයට 93 ක් ද, දුරකථන සබදතා සඳහා සියයට 142 කින් වැඩි මුදලක් අඩු ආදායම්ලාභීන් හට වැය වන බවයි වාර්තා වන්නේ.

විචාරකයින් පෙන්වා දෙන්නේ අඩු ආදායම් ලාභීන් සදහා දරිද්‍රතා රක්ෂණ වාරිකයක් හදුන්වාදිමට වඩා විකල්ප විසදුම් හදුන්වාදීම මගින් ජීවන වියදම අවම කරගත හැකි බවයි.

විශේෂයෙන් රක්ෂණ සහ බලශක්ති ඉල්ලූම් සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද වැඩිදුරටත් සදහන්.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »