Search

ඩුබායි – සිඩ්නි දෛනික Emirates ගුවන් වාර 03 දක්වා ඉහළට

ඩුබායි – සිඩ්නි දෛනික ගුවන් වාර සංඛ්‍යාව 03 ක් දක්වා ඉහළ දැමීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන නොවැම්බර් මාසයේ සිට දිනකට තවත් අමතර A380 ගුවන් යානාවක් ඩුබායි සිට සිඩ්නි දක්වා පියාසර කිරීමටයි නියමිතව ඇත්තේ.

දැනට ඩුබායි සිට මෙල්බන් දක්වා A380 ගුවන් යානා 02 ක්ද බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක්ද දෛනිකව පියාසර කරනු ලබනවා.

එමිරේට්ස් ගුවන් සමාගම විසින් මෙලෙස ඔස්ට්‍රේලියාව දක්වා ගුවන් වාර සංඛ්‍යාව ඉහළ දමා ඇත්තේ ප්‍රතිවාදී කටාර් ගුවන් සේවයට ඒ සඳහා අවසර නොමැති පසුබිමකදී වීමද විශේෂත්වයක්.

එමිරේට්ස් සහ ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් අතර සහයෝගීතා ගිවිසුමක්ද පවතිනවා.

2030 දි සිඩ්නි වල කසළ දාන්න තැන් නැතිවෙයි

2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

Elon Musk ගේ Tesla අභිබවා ගිය BYD

චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »