ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ කාන්තා හිංසන ගැන තවත් අනාවරණයක්

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී තමන් දිගින් දිගටම හිංසනයට ලක්වූ බව හිටපු කැබිනට් අමාත්‍යවරියකද වන කැරන් ඇන්ඩෲස් විසින් අනාවරණය කර තිබෙනවා.

එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් තමන් කායික මෙන්ම වාචිකවද අවස්ථා කිහිපයක දී පාර්ලිමේන්තුව තුල මෙලෙස හිංසනයට ලක් කල බවයි ඇය පවසන්නේ.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන් මෙන්ම සේවිකාවන් විවිධ හිංසනවලට ලක්වන බවට මේ වනවිට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක මතයක් සමාජගතවී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත වෙනම ආචාර ධර්ම පද්ධතියක්ද හදුන්වා දෙනු ලැබුවේ ඒ අනුවයි.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රිනියක වන කැරන් ඇන්ඩෲස් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයද හොබවා ඇති අතර ඇය 2025 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම යෑමටද නියමිතයි.

කෙසේ වෙතත් ඇය සඳහන් කර ඇත්තේ මෙවැනි හිංසනයකට ඇය ප්‍රථම වරය මුහුණ දුන්නේ පාර්ලිමේන්තුව තුළදී බවයි.

අදාළ චෝදනා ස්වාධීන කොමිෂන් සභාවක් යටතේ විභාග කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු කාර්යාල වල සේවය කරන 1/3 ක් කුමන හෝ ලිංගික අතවරයකට ලක්ව ඇති බවයි සමීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »