මෙල්බන් CBD හෙවත් මෙල්බන් නාගරික කලාපයේ ආරක්ෂාව දැඩි කර අමතර පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් අද සිට අනුයුක්ත කර තිබෙනවා.
සති අන්තයේදී සිදුවු රිය අනතුරකින් 76 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය ඊට ආසන්නතම හේතුව බවයි පැවසෙන්නේ.
මෙල්බන් CBD හි බෝක් වීථියේදී මෙම මාරක රිය අනතුර සිදුවී තිබුණා.
ඉදිරියේදී ක්‍රීඩා ඉසව් රැසක් මෙල්බන් නගරයේදී පැවැත්වීමට නියමිතවීමද සැලකිල්ලට ගෙන මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටියේ.
එමෙන්ම නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමද මෙහි තවත් අරමුණක්.