Search

Coles අලෙවිසැල් තුළ මංකොල්ලකෑම් – ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට සේවක ඇඳුමට කැමරා

Coles අලෙවිසැල් තුළ සිදුවන මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට සේවක සේවිකාවන්ගේ නිල ඇඳුමෙහි හඩ සහ දර්ශන පටිගත කෙරෙන කැමරා සවි කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියාව – ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්තවල හඳුනාගත් අවධානම වැඩි වෙළඳසැල් 30 ක පළමුවෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.

සිය වෙළඳසැල් තුළ සොරකම් මෙන්ම විවිධ පුද්ගලයන්ගෙන් සේවක සේවිකාවන්ට එල්ලවන තර්ජන බලපෑම් ඉහළයාම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි Voles නිවේදනය කර සිටින්නේ.

කෙසේවෙතත් මෙම කැමරා මගින් අඛණ්ඩව පටිගත කිරීම් සිදු නොවන අතර අවශ්‍ය වේලාවකදී ක්‍රියාත්මක කලහොත් පමණක් පටිගත කිරීම් සිදුවනු ඇති.

එමෙන්ම කිසියම් පාරිභෝගිකයෙකු ඉදිරියේදී එලෙස පටිගත කිරීම ආරම්භ කරන්නේ නම් ඔහු හෝ ඇය ඒ පිළිබඳ දැනුවත් කිරීමද අනිවාර්ය වනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »