
2023-24 වසර සඳහා වන වික්ටෝරියා ප්‍රාන්ත Skilled Visa වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
State Nomination ලබාගැනීම සඳහා ROI එකක් යොමු කිරීම මේ යටතේ සිදුකල යුතු අතර පුහුණු නිපුණතා ශ්‍රමිකයන්ට මෙරට ස්ථිර පදිංචිය ලබාගත හැකි මාර්ගයක් ලෙසයි එය සැළකෙන්නේ.
491 වීසා කාණ්ඩය යටතේ 2022-23 වසර සඳහා ROI එකක් යොමුකර සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන් 2023-24 වසර සඳහා අලුතින් ROI එකක් යොමුකල යුතු වනවා.

එහෙත් 190 වීසා කාණ්ඩය යටතේ එලෙස අයදුම්පත් යොමුකර සුදුසුකම් නොලැබූ පිරිස් වෙතොත් ඔවුන් අලුතින් අයදුම්පත්‍රයක් යොමුකිරීම අවශ්‍ය වන්නේ නැහැ.
ලබන වසරේ මුල තෙක් මෙම අයදුම්පත් භාර ගැනීම සිදුවන අතර අවසාන දිනය පසුව දැනුම්දීමට නියමිතයි.

2023-24 වසර සඳහා 190 වීසා කාණ්ඩයෙන් Skilled Nominated visa අවස්ථා 2,700 ක කෝටාවක්ද – 491 වීසා කාණ්ඩයෙන් Skilled Work Regional visa අවස්ථා 600 ක කෝටාවක්ද වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
කෙසේවෙතත් 188 වීසා කාණ්ඩය යටතේ කිසිදු ව්‍යාපාරික සහ ආයෝජන කෝටාවක් මෙවර වික්ටෝරියාවට වෙන් කර නොතිබීම විශේෂත්වයක්.
මෙවර ප්‍රමුඛතාවය පිරිනමන රැකියා :
Health
Social services
Information Communication Technology (ICT)
Early childhood and secondary education teachers
Advanced manufacturing
Infrastructure
Renewable energy
Hospitality and tourism – for the SC491 visa only