ඇපල් iPhone 12 පිළිබඳ පොදු ගැටළුවක් වාර්තා වේ.

ඇපල් iPhone 12 පිළිබඳ පොදු ගැටළුවක් වාර්තා වේ.

ඇපල් iPhone භාවිතා කරන්නන් දහස් ගණනක් ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් වල 4G සහ 5G ජාල වෙත ප්‍රවේශ වීම පිළිබඳ පොදු ගැටළුවක් වාර්තා කර ඇත. iPhone 12 භාවිතා කරන්නන් 500 කට වැඩි ප්‍රමාණයක් මෙම ගැටළුව සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා ඇපල් සමාගමේ නිල සහායක ප්‍රජාවන් වෙත පැමිණ ඇති බව 9to5Mac වාර්තා කරයි.

“ප්‍රබලම ලෙස සන්නිවේදන සබඳතා  තිබිය යුතු ප්‍රදේශවල (ප්‍රසිද්ධ​ නගරයක් හරහා ධාවනය කරන විටදී ) පවා සබඳතා බිඳ වැටෙයි ,” එක් පුද්ගලයෙක් ඇපල් හි ආධාරක පොතේ ගැටලුව ගැන ලිවීය.

“මගේ iPhone XR සමඟ සෑම විටම මෙම ප්‍රදේශවල සන්නිවේදන සබඳතා තිබුණි . නමුත් දැන් සේවාවන් බිඳවැටීම සමග  ඉතා කලකිරීමට පත්වන අතර සේවාව යථා තත්වයට පත් කිරීම සඳහා මට සාමාන්‍යයෙන් දුරකථනය ක්‍රියා විරහිත කර නැවත ක්‍රියාත්මක කළ යුතුය.

එක්සත් ජනපදය, ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ලොව පුරා iPhone 12 භාවිතා කරන්නන් මෙම ගැටළුව වාර්තා කර ඇත.

සමහර අය ඔවුන්ගේ දුරකථනය නැවත ආරම්භ කිරීමෙන් ගැටලුව විසඳන අතර තවත් සමහරු airplane mode යොදා  නිවැරදි කිරීමට ක්‍රියා කරන බව වාර්තා කර ඇත. තවත් සමහරු ගැටළුව විසඳීම සඳහා ඔවුන්ගේ සිම් කාඩ්පත් පවා මාරු කර ගත්හ.

නව මාදිලි හතරක් ඇතුළත් වන ඇපල් සමාගමේ නවතම iPhone මාලාව පසුගිය මාසයේ නිකුත් විය.

7News

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »