Kids Helpline සඳහා ලැබෙන ඇමතුම් ඉහළට / වැඩිම වික්ටෝරියාවෙන්

Kids Helpline සඳහා ලැබෙන ඇමතුම් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බහුතරය ළමා සියදිවි හානිකර ගැනීම්වලට තැත් කිරීම් වළක්වා ගැනීම සඳහා බවටයි අනාවරණ වී ඇත්තේ.

2022 වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ ජූනි මාසය දක්වා කාලයේදී එවැනි උපකාර ඉල්ලීම් 4,608 ක් ලැබී තිබුණා.

ඉන් අඩක් පමණ අත්‍යවශ්‍ය හදිසි උපකාර ඝණයට අයත් වූ ඒවා ලෙසටයි වර්ග කර තිබුණේ.

මින් බහුතරය වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර 2018 වසරේ සිට 2022 වසර දක්වා සියයට 14.5 සිට 17.5 දක්වා එය ඉහළ ගොස් තිබුණා.

Readers seeking support can contact Kids Helpline on 1800 55 1800, Lifeline on 13 11 14 or Beyond Blue on 1300 22 4636.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »