Search

ඡන්දයට ලියාපදිංචි වීමට දී ඇති කාලය ලබන සඳුදායින් අවසන්

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වීමට ඔස්ට්‍රේලියානුවන්ට ලබාදී ඇති කාලය ලබන සඳුදා එනම් සැප්තැම්බර් 18 වනදායින් අවසන් වනවා.

එදින රාත්‍රී 08 තෙක් ඒ සඳහා කාලය පවතින අතර මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිස තම තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන මස 11 වනදා දක්වා සිදුකෙරන බවයි මැතිවරණ කොමිසම දන්වා සිටින්නේ.

ප්‍රාන්ත වශයෙන් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම ලබන මස 02 සහ 03 දිනවලදි ආරම්භ කිරීමට නියමිතයි.

ස්වදේශික හඩ ජනමත විචාරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඔක්තෝබර් 14 වන සෙනසුරාදා දිනයේදීයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »