ඔස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් 1/4 ක් e-දුම්වැටිවලට ඇබ්බැහි වෙයි

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 14ත් – 17ත් වියෙහි පසුවන නව යොවුන් ප්‍රජාවගෙන් 1/4 ක් e-දුම්වැටි වලට ඇබ්බැහි වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

නව යොවුන් වියෙහි පසුවන 4,200 ක් පමණ යොදාගෙන මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර මානසික ආතතිය අවම කර ගැනීමට හැකිවේ යැයි යන වැරදි වැටහීමෙන් මෙම පිරිස දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 26 ක් පමණ ඊ-දුම්වැටි වලට ඇබ්බැහි වී ඇති අතර පෙර සමීක්ෂණ වාර්තා වලට සාපේක්ෂව සියයට 10 ක වර්ධනයක් බව සදහන්.

පසුගිය මාස 12 තුළ පුද්ගලයින්ගේ 05 දෙනෙකුගෙන් එක් අයෙකු ඊ දුම්වැටි භාවිත කර ඇති අතර ඔවුන්ගෙන් සියයට 5.7 ක් ස්ථිරවම ඊ-දුම්වැටි සඳහා ඇබ්බැහිවූවන් වනවා.

වයස අවුරුදු 14 ඉක්මවු පසු යෞවනයන් ඊ දුම්වැටි වෙත නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවද පර්යේෂකයින් පෙන්වා දෙනවා.

ඊ දුම්වැටි භාවිතයෙන් මානසීන පිඩනය අවම කිරීම් හා සාංකාව වැනි තත්වයන් පහවේ යන අනිසි වැටහීම ළමුන් තුලින් ඉවත් කල යුතු බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »