Search

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව දියේ ගිලීමේ අනතුරුවලට ලක්වීම ඉහළට

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව දියේ ගිලීමේ අනතුරු වලට ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබෙනවා.

රාජකීය ජීවිතාරක්ෂක සංගමය පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී දියේ ගිලිමෙන් මිය ගොස් ඇති පිරිසෙන් සියයට 77 ක් පිරිමි පාර්ශවය වූ අතර ඉන් සියයට 57 ක්ම වයස අවුරුදු 45 හෝ ඊට වැඩි පිරිස වන බවයි.

2021 වසරේ දියේ ගිලීමේ අනතුරුවලින් මිය ගිය ගණන 339 ක් වන අතර 2022 වසරේ එම අගය 281 ක් ලෙසයි සදහන්ව ඇත්තේ.

කුඩා දරුවන් දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සියයට 33 කින් පහත වැටීම ද විශේෂත්වයක්.

දියේ ගිලිමෙන් වැඩිම ජීවිත හානි වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 107 ක්.

වැඩිහිටි පුරුෂයන් බහුතරයක් දියේ ගිලී මියගොස් ඇත්තේ පවුලේ සාමාජිකයෙකු බේරා ගැනීමට උත්සාහ කිරීමට යෑම හේතුවෙන් බවටද හඳුනාගෙන තිබෙනවා.

දිය නෑමට පෙර එම ස්ථාන ආරක්ෂිත ද යන්න සොයා බැලීමත් මත්පැන් භාවිතයෙන් පසු දිය නැමෙන් වැලකී සිටින ලෙසත් ජීවිතාරක්ෂක සංගමය වැඩිදුරටත් උපදෙස් දෙනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »