Search

කැන්බරා නිවාස ද්විත්ව වාසස්ථාන ලෙස වෙන් කිරීමට අවසර

කැන්බරාහී ඉඩම් හිමියන්ට තම නිවාස ද්විත්ව වාසස්ථාන ලෙස වෙන් කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා.

මේ අනුව වර්ග මීටර් 800 ක් හෝ ඊට වැඩි වර්ග ප්‍රමාණයකින් යුත් නිවාසවල හිමිකරුවන්ට එම නිවාස කොටස් දෙකකට වෙන් කර දෙපාර්ශවයකට වාසය කිරීම සඳහා ලබාදීමට අවස්ථාව හිමිවනු ඇති.

මේ හරහා ACT ප්‍රාන්තයේ නිවාස අර්බුදය යම්තාක් දුරකට හෝ විසඳාගත හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

කෙසේවෙතත් සෑම විටම එක් කොටසක් වර්ග මීටර් 120 ක ප්‍රමාණකට සීමා කල යුතු අතර නිවාස ඒකක 45,000 කට මෙලෙස නව ද්විත්ව වාසස්ථාන ලෙස ලියාපදිංචිය සඳහා හැකියාව හිමිවනවා.

කැන්බරාහි නිවාස සංකීර්ණ වලින් සියයට 73 කට පමණ මෙම අවස්ථාව හිමිවනු ඇති.

අදාළ සංශෝධන සම්මත කිරීමෙන් අනතුරුව ලබන නොවැම්බර් 27 වනදා සිට නව නීති බලාත්මක කෙරෙනු ඇති.

මේ අතර කැන්බරා හි නාගරික වන ඝණත්වය පුළුල් කිරීමේ අරමුණින් සෑම නිවාස සංකීර්ණයක් තුළම ශාඛ රෝපණය සදහා නව නීතියක් ද හදුන්වා දී තිබෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »