ක්වීන්ස්ලන්ඩ් වේග සීමා කැමරා දෝෂ යථා තත්වයට / සතියකට රියදුරන් 500 කට නීතිය

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසැල් කලාප අසළ සවිකර ඇති වේග සීමා කැමරා දෝෂ යථා තත්වයට පත්කිරීමෙන් පසු සති 03 ක්තුළදී අධික වේගයෙන් රිය පැදවු පුද්ගලයින් 1,600 කට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

අගෝස්තු 07 වනදා සිට සති තුනක් තුළදී පාසල් කලාප 06 ක මෙම කැමරා පද්ධති ක්‍රියාත්මක කර තිබුණා.

අත්අඩංගුවට ගත් පිරිස අතර නියමිත වේගයට වඩා පැයට කිලෝමීටර් 31 ත් 40 ත් අතර වේගයෙන් රිය ධාවනය කරන ලද එක් අයෙකු / නියමිත වේගයට වඩා පැයට කිලෝමීටර් 21 ත් 30 ත් අතර ඉක්මවා ධාවනය කළ රියදුරන් 30 දෙනෙක් ඇතුළත්.

මේ අනුව සෑම සතියකදීම රියදුරන් 500 කට පමණ අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

2022 වසරේ පාසල් කලාප ආශ්‍රිතව අධික වේගයෙන් රිය පැදවූ රියදුරන් 14,602 කට එරෙහි නීතිය ක්‍රියාත්මක වී තිබු අතර මෙම වසරේ මැයි 31 වනදා තෙක් එලෙස දඩ පත්‍රිකා නිකුත් කර ඇති පිරිස 5,279 ක්.

රියදුරන් චෝදනා නගන්නේ කැමරා පද්ධතියේ දෝෂ පවතින බවයි.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන අමාත්‍ය මාර්ක් බේලි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පාසැල් කලාප අසලින් ගමන් කරන විට වේගය හැකිතාක් සීමා කරන ලෙසයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »