ශ්‍රී ලාංකිකයෙක් සිංගප්පුරුවේදී බිරිඳ ඝාතනය කරයි

තමා විසින් සිය බිරිඳ ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ ශ්‍රී ලාංකිකයෙක් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලීසිය අද (11) පියවර ගත්තේය.

එම ඝාතනය සිකුරාදා (09) උදෑසන 10.45ත් සවස 4.42ත් අතර සිදුකර ඇති බව සඳහන් ය.

සැකකරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහුව සතියක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳ කැටොන්ග් නම් ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළදී ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු පොලීසියට භාරවී ඇති අතර පසුව පොලිස් කණ්ඩායමක් අදාළ හෝටලයේ කාමරයක තිබී 32 හැවිරිදි කාන්තාවගේ සිරුර සොයාගෙන තිබුණි.

මෙම ඝාතනයට වැරදිකරු වුවහොත් සැකකරුට මරණ දණ්ඩනය හිමිවන බව අදාළ වෙබ් අඩවිය වාර්තා කළේය.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »