වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට සතිය අවසානයේදී වාර්තාගත උණුසුම් කාළගුණයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක වාර්තාගත උණුසුම් කාළගුණයක් මෙම සතිය අවසානයේදී අපේක්ෂා කරන බව කාලගුණ අංශ නිවේදනය කරනවා.

ඒ අනුව නිව් සවුත් වේල්ස් , දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා ප්‍රාන්ත වලට එලඹෙන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර කාලය තුළ නැවතත් උණුසුම් කාළගුණයක් පැවතිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

සිඩ්නි නුවර සෙල්සියස් අංශක 27 ක උෂ්ණත්වයක්ද, මෙල්බන් හි සෙල්සියස් අංශක 26 ක් ද, කැන්බරා හි සෙල්සියස් අංශක 25 ක් සහ ඇඩිලේඩ් හි සෙල්සියස් අංශක 24 ක් ලෙස උෂ්ණත්වය ඉහළ යනු ඇති.

එම කාලය තුළ දකුණු ඔස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්ස් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යා හැකි බව ද සඳහන්.

ඒ අනුව 2021 වසරේ සැප්තැම්බර් මස වාර්තා වු උෂ්ණාධික දිනවල වාර්තා ද අභිබවා යා හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 17 වන දින සිඩ්නි නුවර මැරතන් තරගාවලියන් සංවිධානය කර ඇති අතර එහි ආරම්භයේ දී පෙරවරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ත් 19 ත් අතර පැවතියද දහවල් වන විට එම අගය සෙල්සියස් අංශක 28 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට වාර්තා වනවා.

එළිමහන් ගමන් වලදී හැකිතාක් හිස්වැසුම් පැළද සිටින ලෙසටද ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »