නිවාස පණත් කෙටුම්පත මෙවර සම්මත වන ළකුණු

ලේබර් පක්ෂ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිවාස පණත් කෙටුම්පත මෙවර සම්මත වන ළකුණු පළවී තිබෙනවා.

ඒ ග්‍රීන්ස් පක්ෂය සමග ඇතිකරගත් එකගතාවයකට අනුවයි.

දැරිය හැකි මිළ ගණන් යටතේ නව නිවාස 30,000 ක් ඉදි කිරීම සඳහා ඩොලර් බලියන 10 ක මුදලක් වෙන් කිරීම මෙම පණත් කෙටුම්පත මගින් සිදුවනවා.

මෙම කෙටුම්පත මීට මාස කිහිපයකට පෙර පාරලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී එය පරාජයට පත්වුණා.

කිසියම් අයුරකින් මෙවරද එය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ෆෙඩරල් මැතිවරණයකට යාමට අගමැති ඇන්තනී ඇල්බනීස් ට සිදුවනු ඇති.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »