අසාත්මිකතා අවධානමක් හේතුවෙන් Coles හී චොකලට් නිශ්පාදනයක් ආපසු කැඳවයි

අසාත්මිකතා අවධානමක් හේතුවෙන් කෝල්ස් සුපිරි වෙළදසැල්හි අලෙවිය සදහා තිබු චොකලට් නිශ්පාදනයක් ආපසු කැදවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ Natvia IP Pty Ltd හී නිශ්පාදිත ග්‍රෑම් 100 බරකින් යුත් Milk Baking චොකලට් නිශ්පාදනයයි.

මෙය සත්ව ආහාර නොමැති බවට අසුරණයේ දක්වා ඇතත් අන්තර්ගත අමුද්‍රව්‍ය අතරට කිරී අඩංගුවීම හමුවේයි එම නිශ්පාදන ආපසු කැඳවා ඇත්තේ.

ඒ අනුව කල් ඉකුත්වීමේ දිනය 2024 අගෝස්තු 13 දින හෝ ඊට පෙර දිනය ලෙස සඳහන් නිශ්පාදන මෙලෙස ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කිරි නිශ්පාදන ආශ්‍රිත අසාත්මිකතා ඇති පුද්ගලයින්ට එම චොකලට් භාවිත නොකරන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

මෙම නිශ්පාදන මිලදී ගත් පාරිභෝගිකයින්ට මිලදී ගත් වෙළඳසැල වෙත එය භාරදී මුදල් ආපසු ලබා ගැනීමට ද හැකියාව පවතිනවා.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »