Search

සිඩ්නි ජනතාවට අයහපත් වායු තත්වය පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක්

සිඩ්නි නුවර හා එහි තදාසන්න ප්‍රදේශයන් හි වාසය කරන ජනතාවට අයහපත් වායු තත්වය පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ග්‍රීෂ්ම සෘතුව එළැඹීමට පෙර ලැව්ගිනි උවදුරු අවම කිරීමේ අරමුණින් ඇතැම් ප්‍රදේශවල ගිණි තැබීම් සිදුකිරීමට ආපදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අද උදෑසන නගරයේ දැඩි දුමාරයක් පැවතුණා.

කාලගුණ අංශ නිවේදනය කළේ වාතයේ ගුණාත්මකභාව අවම වී ඇති බැවින් මෙම සතිය මැදවන තෙක් නිවෙස්වල ජනෙල සහ දොරවල් වසා තැබීම වඩාත් සුදුසු බවයි.

ඇදුම රෝගීන් මෙන්ම ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හට මෙම දුමාරය ආඝ්‍රාණය වීමෙන් රෝගී තත්ව උත්සන්න වන බවයි වෛද්‍යවරුන් දන්වා ඇත්තේ.

මේ අතර හෘද හෝ පෙනහළු රෝග ඇති පුද්ගලයින් – වැඩිහිටියන් – ළමුන් සහ ගර්භනී කාන්තාවන් වඩාත් අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් උපදෙස් ලබා දෙන්නේ.

හැකිතාත් මෙම දිනවල එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැලකී සිටින ලෙසත් නිවෙස් තුළ මෙන්ම වායු සමනය කළ ස්ථානවල රැදී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කර තිබෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »