අමතර ගුවන් වාර සඳහා කටාර් ගුවන් සේවයට කොන්දේසි 02 ක්

අමතර ගුවන් වාර සඳහා අවසර දීමට ෆෙඩරල් රජය විසින් කටාර් ගුවන් සේවයට කොන්දේසි 02 ක් පණවා තිබෙනවා.

ප්‍රමාණයෙන් විශාල ගුවන් යානා යෙදවීමත් – කුඩා ගුවන් තොටුපළ සඳහා එම අමතර ගුවන් වාර යෙදවිය යුතු වීමත් එම කොන්දේසි අතර වනවා.

දැනට කටාර් ගුවන් සේවය විසින් සිඩ්නි – මෙල්බන් – පර්ත් සහ බ්‍රිස්බන් නගර දක්වා සතියකට ගුවන් වාර 28 ක් ක්‍රියාත්මක කරනු ලබනවා.

තවත් ගුවන් වාර 21 ක් ක්‍රියාත්මක කිරීම සඳහා කටාර් ගුවන් සේවය පසුගිය ජූලි මාසයේදී කරනු ලැබූ ඉල්ලීම ෆෙඩරල් රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එම තීරණය මේ වනවිට මතභේදාත්මක තත්වයක පසුවන්නේ ෆෙඩරල් රජය විසින් ක්වන්ටාස් ගුවන් සේවයේ බලපෑම මත එවැනි තීරණයක් ගත් බවට චෝදනා එල්ලවීමත් සමගයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »