Woolworths හිදී ගත හැකි උපරිම මුදල $ 200 කට අඩු කෙරේ

සිය සුපිරි වෙළඳසැල් හරහා පාරිභෝගිකයන්ට ආපසු ලබාගත හැකිවූ උපරිම මුදල ඩොලර් 200 ක් දක්වා අඩු කිරීමට woolworths වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

මේ දක්වා එය ඩොලර් 500 ක් ලෙස පැවතුණු අතර වෙළඳසැලේ පවතින මුදල් ප්‍රමාණය මත පාරිභෝගිකයන්ට එම මුදල් නිකුත් කෙරුණා.

කිසිදු භාණ්ඩයක් මිළදී නොගත් පාරිභෝගිකයන්ටද මෙතෙක් එම පහසුකම පැවති නමුත් ඔක්තෝබර් මාසය අවසානයේ සිට එම රෙගුලාසියද වෙනස් කෙරෙනු ඇති.

ඒ අනුව කිසියම් මිළදී ගැනීමක් සිදුකරන පාරිභෝගිකයන්ට පමණක් මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම ලබාදිමටයි woolworths විසින් තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් එහිදී අවම සීමාවක් පණවා නොමැතිවීමද විශේෂත්වයක්.

පාරිභෝගිකයන් විසින් මුදල් වෙනුවට කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදුකිරීම සැළකිල්ලට ගෙනයි woolworths විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »