කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ලාංකිකයාට ඔස්ට්‍රේලියා PR දෙයි

ස්ථිර පදිංචිය ඉල්ලා කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ශ්‍රී ලාංකිකයා සහ පවුලේ සාමාජිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමා තිබෙනවා.

ගමනාන්තයට ළගාවීමට කිලෝමීටර් කිහිපයක් තිබියදී ඔවුන්ගේ සංක්‍රමණ නීතීඥවරයා විසින් ඒ බව දැනුම් දී ඇති බව සඳහන්.

නීල් පාරා නම් මොහු වික්ටෝරියා හි බලරට් නගරයෙන් මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 01 වනදායි.

ඔස්ට්‍රේලියාව තුළ දැනට සරණාගත වීසා මත සිටින්නන් සහ දේශපාලන රැකවරණය පතන්නන් හට ස්ථිර විසඳුමක් ලබාදෙන්නැයි බලකිරීම එහි අරමුණ වුණා.

12,500 කට වැඩි දේශපාලන රැකවරණ පතන්නන් සඳහා මෙරට ස්ථිර පදිංචිභාවය ලබාදෙන ලෙස රජයට බල කෙරෙන අත්සන් 19,000 ක පෙත්සමක්ද නීල් පාරා විසින් රැගෙන ආ අතර එය සිඩ්නි නුවර අගමැති කාර්යාලයට භාරදීමට ද නියමිත වුණා.

2008 වසරේ ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ පළා ආ නීල් පාරා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන්ගේ දරුවන් 03 දෙනා ද වසර 09 කට ආසන්න කාලයක් කිසිදු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට වාසය කරමින් සිටි බවයි වාර්තා වූයේ.

SOURCE : https://www.abc.net.au/news/2023-09-10/ballarat-asylum-seeker-neil-para-completes-walk-to-sydney/102825402

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »