Search

ක්වීන්ස්ලන්ඩ් පොදු ප්‍රවාහන සේවාවලට ලොකු වෙනසක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මගී ප්‍රවාහන බස් සේවා සඳහා ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය සරල කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉතාම නුදුරේදී smartphone, smartwatch හෝ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් භාවිත කර වුවද ගාස්තු ගෙවිය හැකි අවස්ථාව ලබාදෙන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

දැනටමත් බස් රථ 55 ක නව උපාංග සවි කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළදි එහි අත්හදා බැලීම් ආරම්භ කිරීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් හි දුම්රිය ජාලය තුළද දැනටමත් smart ප්‍රවේශපත්‍ර ක්‍රමය ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තද පොදු ප්‍රවාහන සේවා සඳහා ඉදිරියේදී නව වෙනස්කම් රැසක් හඳුන්වාදීමට නියමිතයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »