Search

ජනමත විචාරණයට අදාළ විශේෂ නියෝගයක් අද ලැබෙන ළකුණු

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ නියෝගය නිකුත් කිරීමට අදාළ කාලය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද පස්වරු 06 ට අවසන් වනවා.

මෙරට නීතියට අනුව තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා මාසයක කාලයක් ලබාදිය යුතුයි.

කෙසේවෙතත් එම වකවානුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනයට දවස් 03 කට පෙර දින පස්වරු 06 වනවිට අවසන් කල යුතු වනවා.

මෙවර ස්වදේශික හඩ ජනමත විචාරණ දිනය ලෙස ඔක්තෝබර් 14 වනදා දින නියම කර ඇති බැවින් තැපැල් ඡන්ද එවිය යුතු අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 11 වනදායි.

ඒ අනුව අද පස්වරු 06 ට පෙර ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් අදාළ නියෝගය නිකුත් කලහොත් පමණක් මැතිවරණ කොමිසමට තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කල හැකියි.

ඡන්ද දිනයේදී ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය සළකුණු කල නොහැකි පිරිස් වෙත තැපැල් ඡන්ද යොමුකල හැකි බැවින් එය වහා ආරම්භ කල යුතු වනවා.

ඒ අනුව අද පස්වරු 06 ට පෙර ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ.