Search

ක්වීන්ස්ලන්ඩ් සිසුන් නෙරපා හැරීම් දෙගුණයකින් ඉහළට

මත්ද්‍රව්‍ය වැරදි හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිසුන් පාසල්වලින් නෙරපා හැරීම් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී එලෙස පංති තහනම්වලට ලක්වූ සිසුන් ගණන 8,654 ක්.

එය පෙර වසරට සාපේක්ෂව 1,000 ක ඉහළයාමක් වන අතර 2017 වසරේදී එම අගය පැවතියේ 3,143 ක් ලෙසයි.

පාසල් සිසුන් රැසක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා පෙළඹීම සීඝ්‍රයෙන් ඉහළයාමයි මීට වැඩි වශයෙන් හේතුවී ඇත්තේ.

සාමාන්‍ය දුම්වැටිවලට වඩා ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආරක්ෂාකාරී බවට සිසුන් විශ්වාස කරන බවටද හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් රෙගුලාසි මාලාවක් පැණවීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් පාර්ලිමේන්තු කමිටුවක්ද පසුගියදා පත්කරනු ලැබුවා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »