ක්වීන්ස්ලන්ඩ් පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් පහළට

ක්වීන්ස්ලන්ඩ් හි පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් පහළගොස් තිබෙනවා.

මේ වනවිට ඔවුන්ගේ ජනප්‍රියතාවය සියයට 26 දක්වා අඩුවී ඇති අතර විපක්ෂ ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 41 දක්වා ඉහළගොස් ඇති බවයි නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

එම පක්ෂ 02 පමණක් සළකා බැලීමේදීත් 55 ට 45 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ලිබරල් සන්ධානයයි.

2012 වසරෙන් පසු ලේබර් පක්ෂය ලබා ඇති පහළම ජනප්‍රියත්වයද මෙය වීම විශේෂත්වයක්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනියට එරෙහිව මෑතකාලීනව එල්ලවූ චෝදනා මීට මූලික හේතුව බවටයි අනාවැකි පළවන්නේ.

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂයට එය අවාසි සහගත වනු ඇති බවටද වාර්තා පළවනවා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »