Search

මොරොක්කෝ භූ කම්පනයේ මරණ 2,000 ඉක්මවයි

මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව දෙදහස ඉක්වා ගොස් තිබෙනවා.

තවත් 1,500 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

මරණ සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.

මෙය වසර 120 කින් පසු උතුරු අප්‍රිකා කලාපයෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පනය යි.

මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූ කම්පනය හටගැණුනේ එරට වේලාවෙන් පෙරේදා රාත්‍රී 11 ට පමණයි.

එහි අපකේන්ද්‍රය සටහන් වී තිබුණේ එරට මරකේෂ් නගරයට කිලෝමීටර 71 ක් නිරිත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5 ක ගැඹුරකින්.

මෙම දරුණු කම්පනයෙන් මොරොක්කෝවේ වසර 850 ක් පැරණි මුස්ලිම් දේවස්ථානයකට ද හානි සිදුවී තිබෙනවා.

එමෙන්ම මෙය වසර 120 කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනයද වනවා.

 

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »